වීජීය ප්‍රකාශනයක අගය සෙවීම යනුවෙන් අදහස් කරන්නේ, එම ප්‍රකාශනයෙන් දැක්වෙන අගය, එහි ඇති අඥාත පද සඳහා දෙනු ලබන අගයන් සඳහා සොයා ගැනීමයි. මෙහිදී, පහත පියවර අනුගමනය කළ හැකියි.
- එම අඥාත පද වෙනුවට, ඒ ඒ පදයන් සඳහා දෙනු ලබන අගයන් ආදේශ කිරීමෙන් සංඛ්‍යාත්මක ප්‍රකාශනයක් ලබා ගැනීම.
- එම සංඛ්‍යාත්මක ප්‍රකාශනය තනි අගයක් දක්වා සුළු කිරීම. එහිදී පහත දැක්වෙන අනුපිළිවෙල අනුගමනය කිරීම නම් ඉතාම වැදගත්.
- පලමුව, වරහන් යොදා ඇති පද තුල ඇති ප්‍රකාශන, වඩාත්ම ඇතුලතින් ඇති ප්‍රකාශනයේ සිට, පිටතින්ම ඇති ප්‍රකාශනය තෙක් අනුපිලිවෙලින් සුළු කරන්න.
- ඊලඟට, බලයන් දැක්වෙන ප්‍රකාශන සුළු කරන්න.
- ඉන්පසු, ගුණ කිරීම් සහ බෙදීම්, ප්‍රකාශනයේ වමේ සිට දකුණු දෙසට යන විට හමු වන අනුපිළිවෙලට සුළු කරන්න.
- අවසාන වශයෙන්, එකතු කිරීම්, සහ අඩු කිරීම්, ප්‍රකාශනයේ වමේ සිට දකුණු දෙසට යන විට හමු වන අනුපිළිවෙලට සුළු කරන්න.
උදාහරණ 2.1:

පළමුවෙන්ම, මෙහි ඇති, වෙනුවට, අපි 6 ආදේශ කර ගනිමු.

දැන්, පළමුව, වරහන තුල ඇති කොටස සුළු කරමු.


මීලඟට, බලයක් ලෙස දක්වා ඇති අගය සුළු කරමු.


දැන් ගුණිතයන් සහ බෙදීම් සුළු කරමු. මෙහි ඇත්තේ එක් ගුණ කිරීමක් පමණකි.


අවසාන වශයෙන්, එකතු කිරීම් සහ අඩු කිරීම් කරමු. මෙහි ඇත්තේ එක් එකතු කිරීමක් පමණකි.


මේ අනුව,

3 comments:
හොඳ වැඩක්. මට අද ඔයාගෙ බ්ලොග් එක අහුවුනෙ.
මමත් ගණිතයට ආස කෙනෙක්. දිගටම කියවනව, බොහොම ස්තූතියි ඔයාට
ඔය අද මේ දලා තියෙන ලිපිය නම් මට ගොඩක් ප්‍රයොජනවත්...ගොඩාක් ස්තුතියි අයියේ
අති විශිෂ්ට වැඩක්! ගොඩක් අයට මේක ප්‍රයෝජනවත් වෙනවා නොඅනුමානයි.
Post a Comment