Monday, March 8, 2010

පූර්විකාව

ගණිතය කිව්වම ගොඩක් දෙනෙක් හිතන්නෙ ඒක මහ අමාරු විෂයක් කියලයි. ඇත්තටම ගණිතය අමාරුද? මේ උත්සාහය ගොඩ දෙනෙකුට නොතේරෙන මේ ගණිතය, තේරෙන සිංහලෙන් පුළුවන් තරම් සරලව පැහැදිළි කරල දෙන්නයි.

මේ සඳහා මා මුලින්ම තෝරා ගත්තේ වීජ ගණිතය හා සම්බන්ධ පාඩම් කිහිපයක්. ඉදිරියේදී වෙනත් මාතෘකා ගැනත් සටහන් තබන්න මා බලාපොරොත්තු වෙනවා. මෙම පාඩම්, අ.පො.ස. සමාන්‍ය පෙළ, අ.පො.ස. උසස් පෙළ වගේම විශ්වවිද්‍යාලවල මුල් වසර වල ඉගෙන ගන්නා සිසුන්ටත් උපකාර වෙතැයි මා බලාපොරොත්තු වෙනවා. මෙම සටහන් පෙල සාර්ථක කර ගැනීමට ඔබ සැමගේ අදහස්, උදහස්, යෝජනා වගේම චෝදනාත් මා බලාපොරොත්තු වෙනවා.

මේ සටහන් පෙල සාර්ථක කරගැනීමට අවශ්‍ය පාරිභාෂික වචන සපයා දෙමින් සහ අන්තර්ගත කරුණු වල නිරවද්‍යතාවය පිරික්සමින් මට උදවු දෙන කැළණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයනාංශයේ කථිකාචාර්ය ආචාර්ය කුමුදු මල්ලවාරච්චි මහතාටත්, ඉතා පහසුවෙන් ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය මත සිංහලෙන් යතුරු ලියනය කර ගැනීමට හැකි "සයුර" මෘදුකාංගය සැකසූ අනුරාධ රත්නවීර මහතාටත්, මගේ විශේෂ ස්තූතිය මේ අවස්ථාවේ පිරිනමන්නට මා කැමතියි.

තනි තනිව මතක් කළ නොහැකි වුනත්, මේ සටහන් පෙල සාර්ථක කර ගැනීමට දායක වුන තවත් බොහෝ අය සහ ආයතන තියෙනවා. ඒ සැමටත් මාගේ ස්තූතිය පිරිනමන්න මා කැමතියි.

මේ සටහන් පෙල කියවීමට පැමිණෙන, කියවීමෙන් පසු සටහන් තබා යන ඔබ සැමටත් විශේෂයෙන් ස්තූති කළ යුතුයි.

10 comments:

Sandun Dasanayake said...

හොඳ වැඩක් පටන් ගන්න යද්දි ඒකට මුලින්ම ආශිර්වාද කරන්න ලැබීමත් වාසනාවක්. ගණිතය ඉගන ගන්න අයට වගේම ඉස්සර ගණිතයෙන් කප් ගහල හිටියත් දැන් කොම්පියුටර් අස්සෙ හිරවෙලා දැනුම මොට කරගත්තු අපි වගේ අයටත් ඒක මුවහත් කරගන්නත් ඔයාගෙ ලිපි පෙල වැදගත් වේවි.

වැප් said...

ඉතාමත් සතුටු කාරනවක්.. දිගටම ලියන්න වටිනා ලිපි පෙලක් වෙනවා නොඅනුමානයි වෙනවා ....

budhajeewa said...

මරු මරු, AL මැත්වල යන්තමට එල්ළිලා ඉන්න පොරක් විදියට මම වැඩේට බොක්කෙන්ම සප්!

rajitha.a said...

නියමයි ඉස්සරහටත් ලියන්න..මමත් ලිව්ව පොඩි ගනිත ක්‍රම ටිකක්.ගිහිල්ලා බලන්ඩකෝ http://rajitha-sannasa.blogspot.com/search/label/ගණිත

නේෂාධ පෙරේරා said...

පිළිතුරක් ලිවීමට වේලා ගැනීම ගැන කණගාටුයි. මේ දවස් ටිකේ ටිකක් අසනීප වෙලා හිටියනෙ. වැඩේ පටන් ගන්න කොටම මාව ධෛර්යමත් කරපු ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි. හැකි ඉක්මනින් පළමු ලිපියත් සමගින් නැවත හමුවෙමු. ටිකක් සනීප වෙනකම් තමයි ඉන්නේ.

බිඟූ said...

http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B6%AB%E0%B7%92%E0%B6%AD%E0%B6%BA

mekat update karapan machan

ganesh said...

dear sir iam a al student, studing a combined maths so i wont lots of help.
Plz give me your p.number.

Unknown said...

මේක නම් සුපිරි වැඩක්.ඔයා ගණිතය වෙනුවෙන් කළ දේ නියමයි!

Unknown said...

මේක නම් සුපිරි වැඩක්.ඔයා ගණිතය වෙනුවෙන් කළ දේ නියමයි!

Anonymous said...

ස්තුතියි. ගොඩක් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්

Post a Comment