මුලින්ම මගේ හැඳිනවීමේදීම කීවනේ මුලින්ම වීජ ගණිතය ගැන ටිකක් කථා කරනවා කියලා. වීජ ගණිතයේදී බොහෝවිට සංඛ්‍යාවන් දැක්වීමට අංක වගේම අකුරුත් පාවිච්චි කරනවා. මේ සඳහා ඉංග්‍රීසි හෝඩියේ එන අකුරු (උදාහරණ වශයෙන්, a, b,c, x, y වගේ) වගේම, ග්‍රීක හෝඩියේ එන අකුරුත් (උදාහරණ වශයෙන්, α, β, θ, π, Ω වගේ) යොදා ගන්නවා. මෙලෙස ඉංග්‍රීසි හෝ ග්‍රීක අකුරු යොදා ගන්නේ අගය නොදන්නා දේවල් (අඥාත පද), අගය වෙනස් විය හැකි විචල්‍ය අගයන් හෝ යම්කිසි නියතයන් දැක්වීම සඳහායි.
උදාහරණයක් වශයෙන්, ඔබට එක දොඩම් ගෙඩියක මිල රු. x යැයි පැවසුවහොත්, දොඩම් ගෙඩි හතක් සඳහා වැය වන මුදල රු.

මෙලෙස විචල්‍යන් සහ අංක එකතු කිරීම්, අඩු කිරීම්, ගුණ කිරීම්, බෙදීම්, බලයන් හෝ මූලයන් වැනි ගණිත කර්මයන් මගින් එකිනෙක සම්බන්ධ කිරීමෙන් අපට වීජීය ප්‍රකාශන ලබාගත හැකියි. බොහෝ වීජීය ප්‍රකාශන වල බලයන් භාවිත කළ පද දක්නට ලැබේ. මෙහිදී යම් පාදයක බලයක් ලෙසින් සංඛ්‍යාවක් දැක්වීම සිදුවේ. පහත දැක්වෙන්නේ විවිධ වීජීය ප්‍රකාශන කිහිපයක් සඳහා උදාහරණයි.

බලයන් ලෙස සංඛ්‍යා දැක්වීම
යම් සංඛ්‍යාවක් යම් පාදයක (b) බලයක් (n) ලෙස දැක්වීමෙන් සදහස් කරන්නේ, එම b පාදය, n වාරයක් එකිනෙක ගුණ කර ඇති බවයි.

<-----n වාරයක්----->
උදාහරණ 1.1:

2 comments:
http://si.wikipedia.org/wiki/Portal:%E0%B6%B4%E0%B6%A7%E0%B7%94%E0%B6%B1/%E0%B6%AF%E0%B7%85_%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B7%82%E0%B6%AB#.E0.B6.9C.E0.B6.AB.E0.B7.92.E0.B6.AD.E0.B6.BA_.E0.B7.83.E0.B7.84_.E0.B6.AD.E0.B6.BB.E0.B7.8A.E0.B6.9A_.E0.B7.81.E0.B7.8F.E0.B7.83.E0.B7.8A.E0.B6.AD.E0.B7.8A.E2.80.8D.E0.B6.BB.E0.B6.BA
http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B6%AB%E0%B7%92%E0%B6%AD%E0%B6%BA
www.cinelanka.net
Post a Comment