වීජීය ප්‍රකාශනයක අගය සෙවීම යනුවෙන් අදහස් කරන්නේ, එම ප්‍රකාශනයෙන් දැක්වෙන අගය, එහි ඇති අඥාත පද සඳහා දෙනු ලබන අගයන් සඳහා සොයා ගැනීමයි. මෙහිදී, පහත පියවර අනුගමනය කළ හැකියි.
- එම අඥාත පද වෙනුවට, ඒ ඒ පදයන් සඳහා දෙනු ලබන අගයන් ආදේශ කිරීමෙන් සංඛ්‍යාත්මක ප්‍රකාශනයක් ලබා ගැනීම.
- එම සංඛ්‍යාත්මක ප්‍රකාශනය තනි අගයක් දක්වා සුළු කිරීම. එහිදී පහත දැක්වෙන අනුපිළිවෙල අනුගමනය කිරීම නම් ඉතාම වැදගත්.
- පලමුව, වරහන් යොදා ඇති පද තුල ඇති ප්‍රකාශන, වඩාත්ම ඇතුලතින් ඇති ප්‍රකාශනයේ සිට, පිටතින්ම ඇති ප්‍රකාශනය තෙක් අනුපිලිවෙලින් සුළු කරන්න.
- ඊලඟට, බලයන් දැක්වෙන ප්‍රකාශන සුළු කරන්න.
- ඉන්පසු, ගුණ කිරීම් සහ බෙදීම්, ප්‍රකාශනයේ වමේ සිට දකුණු දෙසට යන විට හමු වන අනුපිළිවෙලට සුළු කරන්න.
- අවසාන වශයෙන්, එකතු කිරීම්, සහ අඩු කිරීම්, ප්‍රකාශනයේ වමේ සිට දකුණු දෙසට යන විට හමු වන අනුපිළිවෙලට සුළු කරන්න.
උදාහරණ 2.1:
හි අගය, x = 6 සඳහා සොයන්න.පළමුවෙන්ම, මෙහි ඇති, වෙනුවට, අපි 6 ආදේශ කර ගනිමු.

දැන්, පළමුව, වරහන තුල ඇති කොටස සුළු කරමු.


මීලඟට, බලයක් ලෙස දක්වා ඇති අගය සුළු කරමු.


දැන් ගුණිතයන් සහ බෙදීම් සුළු කරමු. මෙහි ඇත්තේ එක් ගුණ කිරීමක් පමණකි.


අවසාන වශයෙන්, එකතු කිරීම් සහ අඩු කිරීම් කරමු. මෙහි ඇත්තේ එක් එකතු කිරීමක් පමණකි.


මේ අනුව,
හි අගය, x = 6 චන චිට 47ක් වේ.
ලෙස ගණනය කරගත හැකියි. මෙහිදී, එම පද දෙකෙහි ගුණිතය දැක්වීම සඳහා ඒ අතරින් තිතක් තැබීම කළ හැකියි. නමුත්, එවන් කිසිම සලකුණක් එම පද දෙක අතර නොයෙදීමෙන්ද ඒවා එකිනෙක ගුණ කළ යුතු බව හැඟවෙනවා.

